Thursday 28 June 2012

සින්නක්කර,

‍ගිජු කමට
කෙල ගිලින
අසීමාන්තික
සුඛ විහරණය
පතන ලියවිල්ලක්.

ලැව් ගිනි,

සොය
සොයා
පත්තු
කිරීමක්.

යථාර්තය,

මැවුවට
වදන්
නොවෙයි
මිනිහෙක්
වැනුවට
කඩ්ඩ
නෙමෙයි
සුද්දෙක්.

සම අයිතීන්,


පීඩිත
පන්තියට
කන් හැන්දෙන්
බෙදීමක්.

කෘෂිකර්මය,


හිටවපු
තරමට
ඵලදාව.

කොපි කිරීම,


එයත්
පැෂන් බග්
මෙයත්
පැෂන් බග්
ගෙදර බජට්
හබක් තමයි.

ඔන්ලයින් රොමියෝ,

වේලිලා
වේලිලා
කරවෙලා
ගෙවිලා
ගිහින්
ඇඟිලි තුඩු
මොනිටරය
ඉස්සරහටම.

‎( බඩ ) ගින්න,

පුන
පුනා
නැගෙයි
හැමදාම
එක
චක්‍රයයි.

වීර්යය,



කියල
කියල
ඉවසල
ඉවසල
ලිමිට්
ඕවර්
ගියාම
පැන්නා එළියට.

ගසා කෑම,


අවප්‍රමාණය වෙන
රුපියලට
අධිප්‍රමාණ වෙන
පසුම්බිය.

තරඟ තීරක සල්ලි,


කෑලි කපන
ඝන අන්ධකාරයේ
කණා මැදිරියො
එළි නිකන් දේවිද ?
කාසි හිග නම්
පසුම්බියෙ අද
හරය ජීවිතෙ ඇතිද ?

ප්‍රජාතන්ත්‍රවාදය,

හඬ නගා
කියවමින්
ඉඟිලෙති
සුදු වෑන්...

හිත,

උගස්
තියන්න
තියන්න
සින්න වෙන.

සෘජු ආර්ථිකය,

ජහ මහ කී සැනින්
පොකැට්ටු සරුවෙයි
පුටු රත් කරන්නන්ගෙ.

මතකය,

පිච්චිච්ච
තැන්
වලට
මිරිස්
කරල්
පුච්චලා
තිබ්බ
වගේ.

බහුතරය ආදරයෙන්,


ඉපයීම
ශුන්‍යයි
ශුද්ධ
ලාභය
ඉහලයි
වරප්‍රසාද
කදුළු.

සම (හරක්)

සිවුපාම
නොවුනාට
ගොන් කිරිත්
නොදෙවුවට
මනස උස
නැතිම උන්.

Thursday 21 June 2012

කාසිය,


වැටුණ
පැත්තෙ
වාසි
බෙදන.

VAT:


උන්,
හති දම
දමා පිඹිනවා

අරුන්,
තලු මර
මරා බුදිනවා...

ආදරය,


ෆැන්ටසි
සිහිනයක
අන්ධව
ඇවිදීමක්.

විපරිත
ලෝකෙක
කෙනෙක්
දෙන්නෙක්
සැබෑ දැකීමක්.

වෙනස,

කහට පැල්ලම
යන්න
නොයෙකුත්
පිරිසුදු කාරක යෙදීම.

මන්දිරය,

ගඩොල් සියය
පරද්දනවා
දස දහස් ගානක
ගඩොල් එකතුව.

එපා වීම,

අච්චාරුත්
පහුවෙද්දි
ඇඹුල් වෙනවා.

දෙයියන්ගෙ මල්ලි (සල්ලි )

ඇති දා
ලොබ බදියි..
නැතිදා
දෙස් තබයි.

මිනිස්සු,

උඩු
යටිකුරු,

පැතලි
කලු
කණ්නාඩි
දමා,

තමන්වත්
නොපෙනේ
කැඩපතින්.

වෙස් මුහුණු,

පණ
ඇති
පණ
නැති.

කෘතිම
ස්වභාවික.

හිතූ ලෙස
වෙනස්වෙන.

නූතන අධ්‍යාපනය, ( ශ්‍රී ලංකාවෙ


නය්‍යායෙන්
පිට පැන්න
ආදරේ වගේ.

දේශ (පාලුවන්)

දියවන්නාවෙන්
මඩ සෝදන
මීහරක් රැල.

වේතනය,

අල්ලට
දමාවත්
ලෙවකන්න
බැරි.

බිස්නස්,


ඔබ්බවා
නිරුවතක්
ලියා වැකියක්
ගත හැකිය
හොඳ
ආදායමක්.

Friday 15 June 2012

ඔහු / ඇය / ආදරය,

ඔහු
මිළ
ගණන්
කැඳවයි.

ඇය
කඳුළු
කිරයි.

තරාදියෙ
අතරමං
ආදරය.

ඇස්

බුකිය,

කොයිතරම්
දිවුවත්
හති
නොවැටෙයි.

ජය පැන්,

උන්
බොනවා
මුන්
කෙළ
ගිලිනවා.

මල්,

සමනලුන්
බමරුන්
පේළියට
ඇදෙන තැන්.

පොසොන්,

කොළඹින්
දඩයමට
පියාඹයි.

නොදැනුවත්කම,

සෘජුකෝණාස්‍රයක
වෘත්ත
සෙවීමක්.

දැන (නො)දැන

සැකසූ
මල් පාත්තියෙ
වල් පැලත්
ඉන්දලා.

නිරුවත,

සේල්
පිට
සේල්
මිළ
ඉහළ
යන.

මූනිච්චාව,

සඳ
වළ ගොඩැලි
බදාමයකින්
ආවරණය කරගෙන
පෝය දාට
කළ එළි බහින්න.

ඇනුම් පද,


කියති
වන්නම්
තකිට තකිට
මරා තළු
බෙර පදට.
නටති
හිස් කල
පේළියට.

කේලම

දේශපාලකයො


කම්මුල්
දෙකටම
හාදු ලබමින්.

බදු,

ධනපති
පන්තියෙන්
නිර්ධන
පන්තියට
හාඳු දීමක්.

සිනහව

උපාසක හාමිනේ,

පේන්න
සිල් රෙද්ද
නොපෙනෙන්න
ගිනි පුළිඟු.

දුම,

මල්ලකින්
පුරවලා
විෂ පිඹියි
දුම් බටේ.

ඇති - නැති

Wednesday 6 June 2012

ආර්ථිකය,

අරෝහණ
අවරෝහණ
ඔත්තෙ
ඉරට්ටේ
ඉලක්කම්
ගණනය කරන
මෙගා ටෙලියක
නිළියක් වගෙයි.

නිදන්,

හාරපුවත්
හාර හාරා
ගොඩ ගැනීම.

උඩගුව,

රිච්ටර්
මාපකයටත්
හසු නොවු
ගැස්සිලි.

නො (වින්ද )

ඇහින්දත්
නෑහින්ද
ගතිය.

අපි,


වචනාර්තයෙන්
ක්‍රියාවෙන්
ආත්මාර්ථකාමී.

කෙලෙස්
හැගුමට
පෙම් කරන.

ඩිජිටල් තිරයේ ප්‍රේම කරන්නන්,


දෑතට
නොවිඳි
පාකර්
පෑන.....
සිනා සී
වැලපෙති
යතුරු පුවරුවෙ.

හදවත,

යාම්
සහ
ඒම්
තද
බැදීම්.

අනියත

සුදනා,


ලෝකෙටම
වැදි බණ
ඇතුළතින්
කුණු කඳු.

ලැජ්ජා නැති,

ඇගේ පෙම
මගේ පෙම
උගේ පෙම
අගේ පෙම
වැඩේ නම
කැතම කම.

වියෝව,



අතැර
දැම්මත්
අතැර
නොයනා
සෙවනැල්ල