Sunday 13 May 2012

තිත්ත - ඇත්ත

යථාර්තය,


විකසිත
සියළු 
පුෂ්ප
නොවඳියි
බුදුන්.

සිහිනය,


උතුරු ධ්‍රැවයේ සිට
දකුණු ධ්‍රැවයට 
දැන _ නොදැන
අතපත ගෑම.

නොතේරුම,


මන්ද
මානසිකයින්
කඩේ
යෑමක්.

වින්දනය,



මත්
මාත්‍රා
උච්ච
ස්වරයට.

ප්‍රවේශම,



කොපුව
නැති විට
කඩුව ගැන
සැලකිලිමත් 
විය යුතුය.

වසඟය,


නිවුටන් 
සොයා ගත්
ගුරුත්වාකර්ෂණය
පරදිති.
ස්ත්‍රී පුරුෂ
බැල්ම ළග.

බද්ද - ප්‍රේමයග

එහෙව් රටක්,



දියවන්නාවේ
උන්
බුදති
සිරිලංකාවේ
උන්

වහල් හැඟුමක,


එරි එරී
එරෙනවා
දිඟ පළල
සොය සොයා.

තීන්දුව,



පරීක්ෂණ නලයේ
අවසන් බින්දුව
ධන සෘණ වෙනස

අ)සම්මතයෙ ගිය ඈ,



අතින් අත ගිය
මස් කැබැල්ල
ගිමන් හරියි
තට්ටුවෙ.

නොදුටු රහස,



වටපිට බලා
සිඹිති ඔහු
ඩිජිටල් තිරයත්,

සිනා සී
බලා සිටිති
වසඟ බසකට
රැවටිච්ච
ඇගෙ රුව.

Friday 11 May 2012

උන්,

අත්වැරදුම,



තෙත
මාත්තුවට
ගෝනි
පඩංගු.

ඉවසුම් නැති,


ඩිජිටල් තිරය
ලෙවකති
වයින් වීදුරුවක්.

නියගය,


ඇඹුල් නාරං
මැණිකක්
පැණි දොඩම් 
වලට වඩා.

කවියන්

බිස්නස්,



එකක්
දිලා
දෙකක්
ගන්න.

ජීවිතය,



ගිලෙන
තරමට
ලතැවිලි
වැඩියි.

ස්ත්‍රිය,


ධනවාදී
චින්තනයේ
යාන්ත්‍රික
ප්‍රවාහය.

උණ...

ඔන්ලයින් ජනතාව,



හොය හොයා 
හැඩ වැඩ රුව
පැන පැන සිඹියි.

වෙනස

වටියි
ඉදිකටුව
කඟපතට 
වඩා....

කෑම,


හංසයොත්
තනි රකිති
මහපාරෙ
ඇති වලට.

Saturday 5 May 2012

වෙසක්,



පාට පාට කූඩු
බකට්
පේලි පේලි
ණයට අරන්
ශ්‍රද්ධාවත්
ශෝභනයට.

බලය.


ඇය,



නිතඹ
ලැම
ගැස්සුවට
මිනුම්තාප
හිඟය.

වෙසක්,

අවුරුද්දක
පවු සෝදයි
රුපියල් වලින්.

සැකය,



චණ්ඩත්වයේත්
ප්‍රචණ්ඩත්වයේත්
ඒදණ්ඩ.

මව,



ඇති
නැති
දෙන
දෑත.

ගින්න,


වෙවුල
වෙවුලා
ඇවිලෙමින්
නිවෙමින්.

කතිරය.


කාලගුණය,


හිතෙන
හිතෙන
ගණන්
අඩු වැඩිය.

කඩේ යෑම,



පිම්බුණු 
සියල්ලටම
දණ නැමීම.

පෑවිල්ල,


ලුණුත්
හිඟ
නියගයක්.

ආශාව,


මැයි දිනය,


පිච්චිච්ච
තොප්පිය
පිච්චුනා 
විතරයි

Wednesday 2 May 2012

කවි රසය,


හාරපු
ගානට
ගැඹුර 
මනියි.

වින්දනය,


කාලම
බැලිය
යුතුයි
රසය.

ආශාව,



හොය
හොයා
කෑවත්
ඇති
නොවෙයි.

ඔන්ලයින්



http://www.facebook.com/photo.php?fbid=133265996807355&set=a.117452711722017.20402.100003718677984&type=1&theater
හොය
හොයා
කෑමක්
විටක
පිළිකුල්.

( මාතෘකාව කියවන්නාට බාරයි. )

වැරදීම,



ජාත්‍යන්තර
ලයිසනුත්
ලර්නස්
යෑමක්.
පිච්චියක්
නැති අතක
රත්තරන්
වළලු.

නාමික සිංහලු,



පට්ට 
හෙළ
ගති
වනති
කඩු.