Friday 27 July 2012

කවියක්,

නැවුම්
මුහුණු වරකින්
පෙර තැන්ම
පිරිමදින.

Wednesday 18 July 2012

ලේන්සුව,

සුවඳ
ගද
සම්මිශ්‍රණයෙ
හිතවත්කම්
යා කරන.

Tuesday 17 July 2012

රැවටීම,

දේදුන්න
බටහිර
අහසින් මැකෙයි
වැසූ නෙත්
සිහිනයෙන්
මිදෙයි.
ඇස් දෙක
ආලෝකයට
බනියි.

Saturday 14 July 2012

වෙනස,


පරණ
කුඹුරේම
අලුත්
විදිහට
සී සායි.

බස් රේඩියෝ බ්ලොග් සතිය

Friday 13 July 2012

තෙල,

රත්
වෙන තුරු
බෙද
බෙද
නටන.



http://syndi.buzzradio.lk/
( බ්ලොග් සම්මාන උළෙල )

පිඟාන,

පිරිල
තියෙනකම්
පෙරේතයො
එන....

නොසැලකිල්ල,

පිච්චෙද්දි
පිච්චි
පිච්චිම
ඉදීම.



http://syndi.buzzradio.lk/

වෙනස,

එයි
කතිරය
ඉදිරියෙ.
බහියි
ගැස්
නුදුරෙදිම.

ආශ්චර්යය,

දැන් පාන්
හරි ගණන්.

හත්දහස්
පන්සියය
සුනේ සුන්.



http://syndi.buzzradio.lk/

වර්ජනය,

සිනා
කඳුළැල්
විකිණෙති.


බස් රේඩියෝ බ්ලොග් සතිය

පරක්කුව,

දුම්රියට
පසු
රේල්
පාර
අසල
මිලින
හදවතක්.

වලිප්පුව,

අතික්‍රමණය
ළඟ
අතිධ්වනි
රාවයක්.

චැට්,

කොටති
ඩිජිටල්
තිරයෙ
කියන
තුරු
හායි.

මෙරු,

කැරකෙති
නටති
ගයති
වැළපෙති
වැටෙති.

ඉස්තිරික්කය,

අඩු
වැඩි
කළ
හැකි
වෙති.

හිතු
විට
රත්
විය
හැකි.

සයිබර් චණ්ඩි,

වඳනින්,

ඩිජිටල්
තිරයෙ
ගුගුරති
හොල්ලති

සිරුරෙන්,

සැබෑවට
ලොව
දෙපා
වෙවුලති
ගැහෙති.

සමහරු.

සෑම පියවර
සලකුණකටම
සෙවනැලි
නොතියති.

කවියෙක්,

ප්‍රජාතන්ත්‍රවාදී
රාමුවක
ඒකාධිපති
සිතුවිලි.

සක්කිලි,

උන්
දොඩවති
කුණු
( නො ) සොයති.

ගණිකාව,

පුච්ච
නොගෙනම
පිච්චියක්
ගති.

ගල්,

ඉඳහිට
උණු
වෙති.

වැටුප ඉහළ නැංවීම,

පැන්නත්
රතු කට්ට
එකම තැන
පල් වෙති.

ජීවිතය,


හිස්තැන්
වැඩි
සක්ක පද
අඩු.

සුළු ජාතීන්,

කාසියේ
වාසිය
හැමදාම
දිනන.

http://www.facebook.com/photo.php?fbid=164948540305767&set=a.117452711722017.20402.100003718677984&type=1&theater

රැකියා ( නු )සුදුසුකම,

කඩේ යෑම
අනිවාර්යය
වූවකි.

උණුහුම,

ගිනි
ගහන
බිම් කඩක
උන් වෙලෙති
කුඩ යටක.

සහන,

තද රැස්
ඉර මුදුන්
ග්‍රීස්මයෙ
තණ පතින්
පවන් සැලීම.

බොරතෙල්,

ඇමෙරිකාවේ
අඩු කිරීම්
එකතු කිරීම්,

ලංකාවෙ
වැඩි කිරීම්
පොලී
වැල් පොලී.

කම්මුල් පහර,

පන්න
පන්නා
ගහද්දිත්
සිප ගන්න
මිනිස්සුන්.

වදන්,

කඩු
කිනිසි
පරද්දන
තරමට.