Tuesday 22 July 2014

වෙනස් රසයක් එකට



තෙරපෙන
තෙරපීමක්
තණ පතක්
උඩ පිනි බිඳ.


----------------------------
අශිෂ්ඨන්‍යයක සිට
සිල් රෙදි
පොරවති
.
.
දේශපාලකයින්



-----------------------------



මිදි වැලක පේලියට
පොකුරු පොකුරු
පෙරනිමිති හිනාවෙන
අසිරිමත් හැන්දෑවක්.



-----------------------------



පිනි කැට ඇවිදින
අසිරිමත් රාත්‍රිය
මෙන්න තණ පත්
ගී කියන වසන්තය


------------------------


අඩු වැඩි අඳුරක්
හුස්මක් දෙකක්
ගණුදෙණුවක්


-------------------------

නරිත්
ගොරවන
චෝගම්

----------------------

පිණි බිංදුවක්
පණ අදියි
අකාරුණික
සිසිරයක්.

--------------------------

මිඳි වැලක
හිම පොකුරක්..

රසක් නැති
සිතුවිල්ලක්..

බිම වැටෙයි
අපැහැදිලි හිතක්..

-----------------------------

උලා කන්නට හතර අත
හඬා වැලපෙන මුහුණු.

1 comment:

  1. කැටපත් පවුර ලස්සනයි ගොඩක්ම
    දිගටම ලියන්න
    ලස්සන කෙටි කවි තොගයක්
    මිනිකවි බ්ලොගයටත් ලියන්න
    සුභ පැතුම්

    ReplyDelete