Sunday 29 April 2012

මතකය.


සැදැහැවත්,


උතුරු
සළුවක්
විකුණයි
උපාසක
අම්මෙක්.

ගැහැණිය,


පුෂ්පයක්
මල්
පුබුදුවන.

රාගය,


විවරව
ඇති
සෑම
තැනකින්ම
ඇතුල්
වෙන්න
බලන

යල් පැනපු එංගලන්තය,


ලන්ඩනයෙන්
පැන ගියා
සූර්යයා
සන්ධ්‍යවේ 6.45 ට


.හිරු නොබසින අධිරාජ්‍යය.?

හැගීම


නූතන සමාජ සේවකයා,



පදවියට
පයින්
යන
කොළඹ
නෝනා.

හැදියාව,

බවුසර්
ගානට
පටවයි
බේරේ වැවෙන්
වතුර.

උපකාරය,


කටු
එක්ක
කටු
කති.

Friday 27 April 2012

අභිමානය





කබල් ගාන
වංශෙක
සේදී ගිය
මහන්තත්වය
හංවඩුගසා
පාරම්බාන
කලු සුද්දන්.

බලලෝභී


Thursday 26 April 2012

නමට බෞද්ධ.





කෑ මොර දෙන
ශබ්ද විකාශන යන්ත්‍ර
නාදයටත්
දොහොත් මුදුන් දී
නමදින.

ගබ්සාව



තුප්පහි
හැසිරිමට
නින්දිත
සමාවක්.

( ප.ලි. - සාධාරණ ගබ්සා කිරිම් අයිති නැත. )

ආසියානු ගැහැණිය.


සුළග


නොසණ්ඩාල
සංවර,

අසික්කිත
ආගන්තුක,


මුරණ්ඩු
ආදරණීය,


ගමනාන්තයක්
නැති දැගලිල්ල.

රුපියල.


කේලම්කරුහට,




සුර්ය්‍ය 
ග්‍රහණයේදී
නිරුවත් වූ
චන්ද්‍රයා
වසන් වී
යන්න 
තැත
පෘථුවියෙන්.

Wednesday 25 April 2012


නුතන ආදරය,


මුල්‍යයම වටිනාකමක්
හැගීම් ගොන්නක්
නන්නතාර සිතුවිල්ලක්.

Thursday 19 April 2012

ආදරය

නේත්‍ර තරංග 
හදවතට ගිල්වන
අනඟි මල් 
හීසරයට නතුවන
ගන්දබ්බ හීන
ගැට ගස්සන
අතීත අනාගත
වර්තමාන පලහිලව්ව.

Thursday 12 April 2012

අවුරුදු පැතුම,

කුස් පුරවන
හිත් නොලැබෙන
හිස් නොවන
හිස් ලැබෙන
සුභ ශ්‍රී අවුරුද්ද
මිත් කැලට.

Wednesday 11 April 2012

නොසන්සුන්

අන්ධ,



මලපහටත්
ගි ගයන
කපුටන්ට
අත්පුඩි තලන
කුරුවල්

ඔලු ගෙඩි..

සාජ්ජය,


දෙව් මිනිස්
බ්‍රහ්ම ලෝකෙ
මැද
විසා ගලපන
නරපනුවො
මනුසත් උයනක
ලෝ දියේ ගිලෙමින්