Tuesday 22 July 2014

වෙනස් රසයක් එකට



තෙරපෙන
තෙරපීමක්
තණ පතක්
උඩ පිනි බිඳ.


----------------------------
අශිෂ්ඨන්‍යයක සිට
සිල් රෙදි
පොරවති
.
.
දේශපාලකයින්



-----------------------------



මිදි වැලක පේලියට
පොකුරු පොකුරු
පෙරනිමිති හිනාවෙන
අසිරිමත් හැන්දෑවක්.



-----------------------------



පිනි කැට ඇවිදින
අසිරිමත් රාත්‍රිය
මෙන්න තණ පත්
ගී කියන වසන්තය


------------------------


අඩු වැඩි අඳුරක්
හුස්මක් දෙකක්
ගණුදෙණුවක්


-------------------------

නරිත්
ගොරවන
චෝගම්

----------------------

පිණි බිංදුවක්
පණ අදියි
අකාරුණික
සිසිරයක්.

--------------------------

මිඳි වැලක
හිම පොකුරක්..

රසක් නැති
සිතුවිල්ලක්..

බිම වැටෙයි
අපැහැදිලි හිතක්..

-----------------------------

උලා කන්නට හතර අත
හඬා වැලපෙන මුහුණු.

Monday 3 June 2013

නොවෙහෙස...

උණුසුම්
රාත්‍රින් වලට
කෙත් වතු
සිඹිති සඳ දිය
මහළු නොවන
හැඟුමක
ඇතිල්ලෙයි
පිදුන ඉරිඟු කරල්

Sunday 17 February 2013

නූතන සමාජවාදය,




සාධාරණත්වයේ
හේතු 
පාඪයෙන්
රතු තොප්පි 
විකිණීම.

Wednesday 26 December 2012

නිහැඩියාව
ප්‍රතාපවත්
ශෝචනීය
හූ හඩ
නවයහමාර කෝච්චිය.

Monday 15 October 2012

පාරවිලයන
සිතුවිල්ලකට
ඔප්පු හොයන
යාචකයෙක්
රේල් ගේටුටවක
වක්‍රාකාර වංගුවක
හැගීම් පිරිමඳිමින්.