Thursday, 27 September 2012


කැට කිරිල්ලිට
කෙළ ගිලිණ
උකුස්සෙක්.

මාලුවෙක්
ඩැහැ ගත්ත
කොකෙක්.

නිසල ජලයක්
යට
පිරුණු රොන්මඩ.

Sunday, 23 September 2012


සිනාසෙන 
සෑම මලකම
අතීතයෙ
දුක් ගැහැට කතන්දර

Friday, 21 September 2012

තෙතමනය
උරාගත් පසු
සිනාසෙන
පොළව.

Monday, 17 September 2012

නිදහස් අධ්‍යපනය

අකුර
රුපියලට..
දැනුම
බාල්දියට..
පුටු
ඌෂ්ණෙට..
___________

නිදහස්
අධ්‍යාපනය
බල්ලට.